Online අධ්‍යාපන ක්‍රමය ලංකාව තුළ සාර්ථකද ?

    වර්තමානය වනවිට කොරෝනා වෛරසය මුලු රටක් ලෝකයක්ම ගිලගනිමින් පවතී. රටෙහි සියලුම ක්‍රියාදාමයන් අකර්මන්‍ය තත්ත්වයට පත්ව ඇත. ඒ අතර එක් එක් අංශ නඩා වැටීමට ලක්ව ඇත. ඒ අතර දුවා දරැවන්ගේ අධ්‍යාපනය පිළිබදව ගැටලුවක් පැන නැගීණි. එයට හොදම විසදුමක් ලෙස මේ Online අධ්‍යාපනය නොහොත් දුරස්ත අධ්‍යාපන ක්‍රමවේදය දැක්විය හැකිය. බොහෝ දරුවන්, ගුරුවරුන් මේ අධ්‍යාපන ක්‍රමවේදයට වර්තමානය තුළ යොමුව ඇත. 

නමුත්, එහි පවතින ගැටලුනම් අප්‍රමාණය. මේ අවස්තාවෙහි වෙන කිසිදු විකල්පයක්ද නොමැත. දරුවන්ට නිවසේ සිටම තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමේ අවස්තාව සලසා ඇත. නමුත් මේ දුරස්ත අධ්‍යාපන ක්‍රමවේදය නිසා සාර්ථකව අධ්‍යාපනය ලබා දුන්නත් ඒ සදහා තාක්ෂණික පහසුකම් නොමැති දරුවන් බොහෝ සෙයින් සිටිති. එක් නිවසක දරුවන් දෙදෙනෙක් සිටීනම් එයද ගැටලුවකි. එකවර සම්බන්ධ විය හැක්කේ එක් අයෙකුය පමණි. එය සැබැවින්ම ගැටලුවකි.

තම ආදරණීය දරුවාට ජංගම දුරකතනයක් ලබා දෙන්නට නොහැකිව දුක් විදින අය කෙතරම් සිටීද ? ඒ වගේම ගස්ගල්වල Signal සොයනා දරුවන් කොතරම් සිටීද ? ඈත පිටිසර දරුවන්ට මේ අධ්‍යාපනය සාර්ථක ලෙස ලබාගත හැකිද යන්න ගැටලුවකි.

එදිනට සම්බන්ධ නොවන දරුවන් ඒ දැනුම ලබාගන්නේ කෙසේද ? සැබැවින්ම ගැටලු රැසක් පැන නැගී ඇත. එහෙත් මේ සමයේ වෙනත් විසදුමක් ද නොමැත. ඉතිං අප කළ යුත්තේ මේ දුරස්ත මාර්ගගත අධ්‍යාපන ක්‍රමයේ ගැටලු අවම කරගනිමින් එය සාර්ථකව කර ගැනීමයි. ඒ සදහා රජය මෙන්ම පෞද්ගලික අංශද මේ සදහා දායකත්වයක් දැක්විය යුතු බව ම‍ාගේ හැගීමයි.


කාංචනා මධුවන්ති

Comments

Post a Comment

Popular posts from this blog

විෂයානුකූල සන්නිවේදනය යනු ක්‍රමක්ද ? ( පළමුවන පාඩම ) - හැදින්වීම අංක 01

නූතන මාධ්‍ය අවකාශය තුළ ළමයින්ගේ සමාජානුයෝජනය කෙසේද ?