Posts

Showing posts from May, 2021

සන්නිවේදනය ක්‍රියාවක් ද ? ක්‍රියාවලියක් ද ?

Image
  සන්නිවේදනය කියන්නේ මොකක්ද කියලා CAMS අපි පෙර ලිපියකින් කතා කළා. මෙම ප්‍රශ්නයට පූර්විකාවක් වශයෙන් මම සන්නිවේදනය කියන්නේ මොකක්ද කියලා සංක්ෂිප්තව මෙහෙම කියන්නම්. සන්නිවේදනය කියන්නේ දෙපාර්ශවයක් අතර සිදුවන තොරතුරු හුවමාරුවකට. එහෙමත් නැත්නම් තොරතුරු ගනුදෙනුවකට. මේ තොරතුරු ගනුදෙනුව ඇතුළේ ප්‍රධාන වශයෙන් පාර්ශව තුනක් (03) ක් ඉන්නවා. ගොඩක් ගැඹුරින් කතා කරනකොට තවතව අංශ මේ සදහා එකතු වෙනවා. ඒ ගැන අපි පසු ලිපියකින් කතා කරමු. අපි කතා කරපු ප්‍රධාන අංශ 3න තමයි සන්නිවේදකයා (Sender) පණිවිඩය (Message) ග්‍රාහකයා (Reciever) කියන්නේ. මෙන්න මේ අංශ ත්‍රිත්වය හරහා සන්නිවේදනය සිදුවන විට එක් අවස්ථාවක එය සන්නිවේදක කේන්ද්‍රීය ලෙසටමත් තවත් අවස්ථාවක ග්‍රාහක කේන්ද්‍රීය ලෙසටත් සිදුවෙනවා. මේකට තමයි අපි සරළව කියන්නේ සන්නිවේදනය ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් ලෙස සිදුවන්නක් බව. දැන් සන්නිවේදනය යන්නට නැවතත් සරළ අර්ථකතනයක් හදුනා ගත්තා වගේම අනෙක් පසින් අපි නැවතත් අපේ මාතෘකාවට එමු. සන්නිවේදනය ක්‍රියාවක්ද ? ක්‍රියාවලියක් ද ? කියන එක. ඇත්තටම සාර්ථක සන්නිවේදනයකට අවශ්‍ය වන්නේ සන්නිවේදනය ක්‍රියාවක් ලෙස පැවැතීමද ? නැතහොත් ක්‍රිය...

විෂයානුකූල සන්නිවේදනය යනු ක්‍රමක්ද ? ( පළමුවන පාඩම ) - හැදින්වීම අංක 01

Image
  සන්නිවේදනය යනු කුමක්ද ? වර්තමාන ලෝකයේ කවර කටයුත්තක් සදහා වුව සන්නිවේදනය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව ඇත. සන්නිවේදනය එකිනෙක පුද්ගලයන් අතර සබදතායන් ගොඩනංවා එය පවත්වා ගෙන යාමට උපකාරී වෙයි. එය තහවුරු කිරීමට හෝ දුරස්ථභාවයක් ඇති කිරීමට හෝ සබදතා බිද දැමීමට හෝ නැවත එය පිළිසකරතර දීමට හෝ උපකාරී වන්නේද සන්නිවේදනය යි. එබැවින් සන්නිවේදනය සමාජයේ පැවැත්මට බලපානු ලබන මූලික බලවේගය බවට පත්ව ඇත්තේ නිරායා‍සයෙනි. සන්නිවේදනය යන වචනය බිදී ආ ඇත්තේ ලතින් භාෂාවේ යෙදෙන කොමියුනිස් ( Communis ) යන අරුතෙනි. එහි අර්ථය වන්නේ එකිනෙකා අතර වන අදහස් හුවමාරුවයි. ( 2006;62) සන්නිවේදනයේ මූලික විද්වතෙකු වන විල්බර් ශාම් ( Wilbur Schramm) ප්‍රකාශ කර සිටින්නේ අදහස් හුවමාරු වන දෙපාර්ශවය අතර එක හා සමාන මානසික මට්ටම් ඇති වන්නේ සන්නිවේදනය හේතුවෙන් බවයි. එය කඨික හා ලිඛිත දෘශ්‍ය සංකේත හැසිරීම් ආදී වන සකළ විධි ක්‍රම මගින් හුවමාරු වන අතර ඒ ඔස්සේ දෙපාර්ශවය අතර ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ක්‍රියාවලියක් ඇති වේ. ( 2000;49) චාර්ල්ස් හෝර්ටන් කුලී ( Charles Horton Colley) විද්වතාට අනුව මානව සම්බන්ධතා ඇති කිරීමටත් එය වර්ධනයටත් ඉවහල් වන...