නූතන මාධ්‍ය අවකාශය තුළ ළමයින්ගේ සමාජානුයෝජනය කෙසේද ?
නූ තන සමාජය තුළ ප්‍රබල සමාජානුයෝජක වාහකය වන්නේ ජනමාධ්‍යයයි. ජනමාධ්‍ය ආක්‍රමණ භූමිකාවක් රග දක්වමින් සිටියි. මුදල් ඉපයීමේ ප්‍රමුඛ අරමුණ විෂයෙහි ජනමාධ්‍ය කරට කර ක්‍රියාන්විතයක සිටින හෙයින් නිෂ්පාදනය වන විවිධ වැඩසටහන් ළමයින් වෙනුවෙන් වුවත් එහි රියැලටියකට වඩා සිහින ලෝකවල ළමුන් ජීවත් වන්නට පොළඹවන ප්‍රබල අභිප්‍රේරකයකි මේ ජනමාධ්‍ය. ළමා මනසට ඔවුන්ගේ පාරිභෝගික භාණ්ඩයක් වැනිය. විටෙක මහාචාර්ය ශාම් පෙන්වා දෙන පරිදි ජනමාධ්‍ය ගුරුවරයක්‍රගේ භූමිකාවවත් ආරක්ෂකයෙකුගේ භූමිකාවවත් රග දක්වනවා වෙනුවට වර්තමානයේ ගොදුරුකාරකයක් ලෙස සමාජය හායනයට ලක් කරයි. මේ කොවිඩ් කාලයේ දරුවන්ගේ අධ්‍යාපනයට විශාල මෙහෙවරක් සිදු කරනු ලබන්නේ ජනමාධ්‍ය ආයතනයි. ඒ වග අනිවාර්යෙන්ම සදහන් කළ යුතුය. අධ්‍යාපනික පාඩම් විශාල ප්‍රමාණයක් ආවරණය කර දීමට ජනමාධ්‍ය සමත විය. නමුත් බහුතරයක් ජනමාධ්‍ය තුළ වගකීම සහ වගවීම නොමැති වග පෙනී යයි. ඕනෑම ජනමාධ්‍ය ආයතනයක් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ...