INSTANT MESSAGE SERVICE Platform හි නිරුවත ( ඔබත් IMS ඇබ්බැහි වූවෙක්ද ? )

ජීවිතය, නිදහස භුක්ති විදින වැට කඩොළු සීමා මායිම් නොමැති අසීමිතනිදහසක් භුක්ති විදින පරිච්ඡේදයක් තමයි මේ යෞවන කාලය කියන්නේ. පාසල් කාලය තුළ අසීමිත නිදහසක් භුක්ති විදීමට නොහැකිව දෙමාපිය ග්‍රහණයේම ජීවත් වුණු අපි 18ට පසු ජීවිතය තුළ නිම්හිම් නැති නිදහසක් සොයාගෙන යනවා. සමහරවිට පුද්ගලිකත්වය ‍පොදු මාතෘකාවක් වන තැනටම මේ නිදහස භුක්ති විදිනවා. අද මම මගේ පළමු ලිපියෙන් කතා කරන්න යන්නේ 18+ ජීවිතය ඇතුළේ අන්තර්ජාල ලිංගික සබදතා කියන වේදිකාව ඇතුළේ instant message service කියන platform එක ගැන.

සන්නිවේදනය දුම්මල, ගිනිමැල, හූව ආදී සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම ඔස්සේ සන්න්වේදනය කරගත්තු අපි ක්‍රමක්‍රමයෙන් ජනමාධ්‍ය හරහා නවමාධ්‍ය කරා පැමිණෙනවා. එතනදී වර්තමානය තුළ අපි කතා කරන 18+ generation එක නියෝජනය කරන්නේ ඩිජිටල් මාධ්‍ය යුගයක්.

18ට කලින් අපි දැකපු සමාජය තුළ ලිංගිකත්වය තියෙන්නේ රහසිගත මටට්මකනේ. එහෙමත් නැත්නම් ආවෘත්ත ක්‍රියාවක් විදිහට. නමුත් 18+ generation එක තුළ නිදහස භුක්ති විදිනකොට මේ ලිංගිකත්වය විවෘත නැඹුරුවක් දක්වන පොදු සංස්කෘතියක් විදිහට පෙරට එනවා. ඒ කියන්නේ 18+ ජීවිතය ඇතුළේ ලිංගිකත්වය කියන දේ exploration එකක් බවට පත් වෙලා. විශේෂයෙන්ම වර්තමානය වනවිට instant message service එක ඇතුළේ 18+ ජීවිත විකිණෙනවා හරි හරියට. 18ට කලින් අපි හොයපු ජීවිතය සහ අපි පතපු නිදහස 18+ ජීවිතය ඇතුළේ ගත කරන්න උත්සහ කරනකොට instant message service තුළින් මේ generation එකට පට්ට support එකක් ගන්න උත්සහ කරනවා. මෙන්න‍ මේ තාරණාව ඇතුළේ 18+ ජීවිත සමාජ මාධ්‍ය ඇතුළේ වැඩිමනක් විකිණුම් සහිත generation එකක් බවට පත් වෙනවා.

සමාජ මාධ්‍ය කියලා කිව්වම whatsapp, viber, messanger, imo, instagram, snapchat මේ ආදී කී නොකී සමාජ මාධ්‍ය වේදිකා බොහෝ තිබෙන බව ඔබ නොදන්න කාරණාවක්නම් නොවෙයි. සමාජ මාධ්‍ය ඇතුළේ instant message service කියන්නෙත් අන්න ඒ වගේම සුප්‍රසිද්ධ 18+ අපිව හබායන එක් ඉසව්වක්. අන්තර්ජාල ලිංගික සබදතා තුළ 18+ generation එක ඉදිරියෙන්ම ඉන්නේ මෙන්න මේ point එක නිසා.

තැපැල් ක්‍රමය භාවිතා කරමින් සන්නිවේදනය සිදු කර ගැනීම සහ මන්දගාමී ප්‍රතිචාර තත්ත්වය මගහරවා ගැනීමට ක්ෂේත්‍රයට පිවිසුණායැයි කියන instant message service වර්තමානයේ අන්තර්ජාල ලිංගික සබදතා තුළ ප්‍රමුඛස්ථානයේ රැදී තිබෙන සමාජය තුළ කතාබහට ලක්වන මාතෘකාවක්.මේකට හේතුව ඩිජිටල් මාධ්‍ය අවකාශය අද 18+ generation එක තුළ තොරතුරු හුවමාරුවක් බවට පත් වීමයි.

18+ generation එක ඇතුළේ whatsapp කියන්නේ නැතිවම බැරි සබදතාවක්. instant message service වේදිකාව මත උඩින්ම තියෙන්නේ whatsapp සබදතාවය. 18ට කලින් ජංගම දුරකතනයක්, පරිගණකයක් අල්ලලවත් නැති වල බැහැපු පොඩි උන්ගේ parth එක change වෙන්න මේ whatsapp තදින්ම බලපානවා. 18+ generation එකේ විරුද්ධ ලිංගිකත්වය කියන ආකර්ෂණාත්මක ජීවවිද්‍යාත්මක සාධකය මත පදනම්ව නිරුවත් ඡායාරූප, ලිංගික දර්ශන සහිත status trend එකක් තමයි දැන් දැන් whatsapp platform එක තුළ තියෙන්නේ. මෑතකදී Benjamin Adu-Kumi ගේ Sexcuality going viral : Using whatsapp as a site for sexcual explorationg කියන පර්යේෂණය තුළ whatsapp භාවිතාව තුළ 18+ generation එකේ unlimited usage එක ගැන evidence සහිතව සනාථ කරලා තියෙනවා. එහි සදහන් වන්නේ whatsapp භාවිතාව instant message service හි වේදිකාවක් වන අතර එහි අන්තර්ජාල ලිංගික සබදතා කියන්නේ viral වුණු ක්‍රියාවලියක් කියලා.

විවිධ හේතුකාරණා මත whatsapp, messenger, snapchat වගේ instant message service තුළ මේ අන්තර්ජාල ලිංගික සබදතා කියන මාතෘකාව ප්‍රධාන පෙළෙහි පවතින්නක්. instant message service කියන platform එකේ unlimited area එක ආවරණය කරන්නේ messanger කියලා තමයි සමාජ විද්‍යාඥයින් කියන්නේ. 18+ generation එක messenger කියන instant messange service platform එක භාවිතා කරද්දී කලින් කියපු 18ට කලින් කියපු 18ට කලින් විදි වාරණ සීමා අතික්‍රමණය කරපු freedom එකකට යට වෙනව‍ෙ නොදැනීම. සමාජයේ විකල්ප ඇසුරු කිරීමිවලට නතු වෙනාව. හදුනා නොගත් ජාවාරම්කරුවන්ට හසු වෙනවා. එතැනදී 18+ generation එක පුද්ගලිකත්වය අහිමි උන් පිරිසක් ලෙස ලේබල් ගැහෙනවා මේ සමාජය තුළම. විමර්ශන පෙන්වා දෙන පරිදි,
දෛනික ජීවිතය ඇද වැටීම
පුද්ගලිකත්වය බිද වැටීම කියන කාරණා මත 18+ generation එක instant message service එකෙහි ප්‍රබල වාහකය වන messenger තුළ අන්තර්ජාල ලිංගික සබදතා කියන point එකේදී ප්‍රබල හසු වීමකට ලක් වෙනවා. ඒ සදහා අනිවාර්යෙන්ම තමතමන් දැන පමණින් limit ඇතිව unlimited network එක භාවිතයට ගත යුතුමයි.

‍මම මෙහෙම කාරණයක් කියන්නම්. ඇතැම් ක්‍රමයන් තුළ groups නිර්මාණය කිරීම, විනාඩි කිහිපයකින් මැකී යන අතිශය කම්පන සහිත ලිංගික දර්ශන සහිත වීඩියෝපට upload කිරීම වැනි කාරණා නිදහස උපරිම විදින්නට යොමු වන 18+ පරිච්ඡේදය තුළ දැන ගත යුතුම පැත්තක්. හැබැයි මේවායේ දරැණු පැත්ත වෙනයම් device එකකින් වීඩියෝ පටය ලබා ගැනීමට කටයුතු කරන අසහනකාරීපිරිසකුත් ඒ groups තුළම සිටීම. 18+ පරිච්ඡේදයේ ගලා යෑම සහමුලින්ම වෙනස් කරන්න මේ ක‍ාරණාව හොදටම ප්‍රමාණවත්. ලෝකයක් ඉදිරිපට නිරුවත් වීම සහ ගණිකාවක්, බඩුවක් කියන තැනටම ලේබල් ගැහෙන්නත් මේ කාරණාව හොදටම ප්‍රමාණවත්.

18ට කලින් අපි දැකපු සිහින ලෝකය 18+ පරිච්ඡේදය තුළ මවන්නට උත්සහ කිරීම තුළ දකින ලෝකය උපරිම නිදහසකට ලක්ව විකල්ප සබදතා වෙත යොමු වීම, එම සබදතා පමණ ඉක්මවා ගොස් බාහිරව හමු වීම, සමාජ මාධ්‍ය තුළම නිරුවත් ඡායාරූප, ලිංගිකත්වය මත ගැනෙන වීඩි‍යෝ ඇමතුම්, ලිංගිකත්වය හුවමාරු කර ගැනීම වැනි පහත් ආශාවන් සදහා නොදන්නකම සහ සිහිනවලට පිංසිදුවන්නට 18+ පරිච්ඡේදයේදී යොමුවන අවස්ථා එමටයි. 18ට කලින් දැකපු සිහිනයෙන් මිදී ජංගම දුරකතනයක, කැමරාවක් ඉදිරිපිට නිරුවත් වීමට පෙර 18+ පරිච්ඡේදයේ රියැලටිය ඔබ සතු වගවීම ඔබේ අතට ගැනීම ඔබේ වගකීමක්. 

තවත් අලුත් ලිපියකින් අලුත් ඉසව්වක් touch කරමු. අතිශයයෙන්ම CAMS ලෝලීන් වෙතයි.

හසිනි ධනංජලා
සමාජවිද්‍යා හා මානවශාස්ත්‍ර පීඨය
මානවශාස්ත්‍ර අධ්‍යනාංශය
ජනසන්නිවේදන (විශේෂ) උපාධි පාඨමාලාව
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය


Comments

Post a Comment

Popular posts from this blog

විෂයානුකූල සන්නිවේදනය යනු ක්‍රමක්ද ? ( පළමුවන පාඩම ) - හැදින්වීම අංක 01

නූතන මාධ්‍ය අවකාශය තුළ ළමයින්ගේ සමාජානුයෝජනය කෙසේද ?