නූතන මාධ්‍ය අවකාශය තුළ ළමයින්ගේ සමාජානුයෝජනය කෙසේද ?

                                            නූතන සමාජය තුළ ප්‍රබල සමාජානුයෝජක වාහකය වන්නේ ජනමාධ්‍යයයි. ජනමාධ්‍ය ආක්‍රමණ භූමිකාවක් රග දක්වමින් සිටියි. මුදල් ඉපයීමේ ප්‍රමුඛ අරමුණ විෂයෙහි ජනමාධ්‍ය කරට කර ක්‍රියාන්විතයක සිටින හෙයින් නිෂ්පාදනය වන විවිධ වැඩසටහන් ළමයින් වෙනුවෙන් වුවත් එහි රියැලටියකට වඩා සිහින ලෝකවල ළමුන් ජීවත් වන්නට පොළඹවන ප්‍රබල අභිප්‍රේරකයකි මේ ජනමාධ්‍ය. ළමා මනසට ඔවුන්ගේ පාරිභෝගික භාණ්ඩයක් වැනිය. විටෙක මහාචාර්ය ශාම් පෙන්වා දෙන පරිදි ජනමාධ්‍ය ගුරුවරයක්‍රගේ භූමිකාවවත් ආරක්ෂකයෙකුගේ භූමිකාවවත් රග දක්වනවා වෙනුවට වර්තමානයේ ගොදුරුකාරකයක් ලෙස සමාජය හායනයට ලක් කරයි. මේ කොවිඩ් කාලයේ දරුවන්ගේ අධ්‍යාපනයට විශාල මෙහෙවරක් සිදු කරනු ලබන්නේ ජනමාධ්‍ය ආයතනයි. ඒ වග අනිවාර්යෙන්ම සදහන් කළ යුතුය. අධ්‍යාපනික පාඩම් විශාල ප්‍රමාණයක් ආවරණය කර දීමට ජනමාධ්‍ය සමත විය.

නමුත් බහුතරයක් ජනමාධ්‍ය තුළ වගකීම සහ වගවීම නොමැති වග පෙනී යයි. ඕනෑම ජනමාධ්‍ය ආයතනයක් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී සැළකිළිමත් විය යුතු කරුණු පවතී. 

එනම්, 

  • වයස් මට්ටම, 
  • සමාජ මට්ටම, 
  • අධ්‍යාපන මට්ටම, 
  • බුද්ධි මට්ටම පිළිබදව සැළකිලිමත් විය යුතුය. මේ මට්ටම් පිළිබද සැළකීමේදී වැඩසටහන් සකස් කිරීමේ හැකියාව මාධ්‍ය ආයතනවලට පවතී. ජනමාධ්‍යයෙහි ඉලක්කය වන්නේ යෞවන, වැඩිහිටි යන ග්‍රාහක කොටස්ය. මෙම තත්ත්වය තුළදී ළමයින් සදහා වැඩි අවධානයක් දිය යුතුයැයි මටනම් හැගේ. මක් නිසාද යත් ළමයා තරුණ වැඩිහිටි බවට පත් වෙයි. ඒ නිසාවෙන් ළමයාගේ මනස යහපත් දේ ලබා දී ළමා මනස යහපත් කළ යුතුව ඇත. වත්මනය තුළ එය සිදුවනවාද යන්න ගැටලුවක් පවතී. ඇතැම් මාධ්‍යයන් තුළින් සිදුවන්නේ ළමා මනස විකෘති කිරීමයි. නොගැළපෙන චිත්‍රපට, කාටූන්, කතා ආදිය තුළින් සමාජ මාධ්‍ය ජාලා තුළින්ද සිදුවන්නේ එයයි.

සමාජ මාධ්‍ය භාවිතයද දරුවන් තුළ යහපත් මට්ටමක නොමැත. දරුවනට නුසුදුසු ඡායාරූප වීඩියෝ තුළින් විශාල ව්‍යවසනයක් වෙයි. විවිධ අසභ්‍ය දර්ශන, ඡායාරූප ඒවායෙහි දක්නට ලැබෙයි. ඒවා නරඹන දරුවන්ගේ සිතුවිලි අයහපත් අවිචාරවත් වෙයි. නමුත්, සිදුවිය යුත්තේ එය නොවෙයි. රටේ අනාගතය භාරගන්නට සිටින්නේ දරුවන්ට. සමාජය රට උදෙසා ළමා මනස යහපත් විය යුතුය. ළමයින් වෙනුවෙන් සමාජානුයෝජනය,දැනුම ආකල්ප, තොරතුරු ලබාදීමට කටයුතු කළ යුතුය.

දරුවාට ගැළපෙන ලෙස වැඩසටහන් සකස්වීම සිදුවන යුතුය. සංස්කෘතික අනන්‍යාතාවය දරුවාට පවරාදීමේ වගකීම හිමිවන්නේ මාධ්‍යටයි. ඕනෑම දරුවෙකු තුළ යම්කිසි ශක්‍යතාවයක් පවතියි. ඒ දක්ෂතාවයන් හදුනාගත නිර්මාණශීලීබව හදුනාගැනීමට මාධ්‍ය කටයුතු කළ යුතුව ඇත.

ළමයා අසන බලන නිර්මාණ තුළින් කුසලතා හැකියාවන් දුර්වල වන්නේ නම් ඒ ජනමාධ්‍ය වැඩසටහන තුළින් කිසිදු ප්‍රයෝජනයක් වන්නේ නැත. වර්තමානය තුළ අපට බොහෝ සෙයින් දක්නට ලැබෙන්නේ මෙවැනි හරයක් නොමැති වැඩසටහන් වෙයි. තමන්ගේ වැඩසටහන කොයිතරම් කෙනෙක් බලනවාද යන්න පමණක් යන්න පරමාර්ථ කොටගෙන ඇත. ගුණාත්මකභාවය වෙනුවට මූල්‍ය මත පදනම් වෙයි. සැබැවින්ම එය කණගාටුදායක සිදුවීමකි. කළයුත්තේ එය නොවෙයි. ගුවන්කාලය අර්ථවත් කාලය කරගත යුතුය. ළමුන්ගේ හැකියා දක්ෂතා පිළිඹිදු වන්නට වැඩසටහන් නිර්මාණය කළ යුතු වෙයි. ඒ සදහා රාජ්‍ය අධ්‍යාපනික අංශ වගේම පෞද්ගලික අංශද සහභාගී කරවා ගත හැකිය. ළමා අරමුණු සාදනයෙහිලා මෙ‍වැනි වැඩසටහන් නිර්මාණය කාලීන වශයෙන් සිදුවිය යුත්තකි. ඒ සදහා ජනමාධ්‍ය යොමුවේවායැයි මාගේ අරමුණයි. ඇති හරවත් සීමිත වැඩසටහන් වර්ධනය වේවා !

අනාගතයේදී පුංචි මල් කැකුලු වන් දුවා දරුවනට නැණ, ගුණ වැඩීමට ජනමාධ්‍ය පිටිවහලක් වේවා.!

 

කාංචනා මධුවන්ති

තෙවන වසර

ජනසන්නිවේදන (විශේෂ) උපාධි පාඨමාලාව

මානවශාස්ත්‍ර අධ්‍යනාංශය

සමාජීය විද්‍යා හා මානවශාස්ත්‍ර පීඨය

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

Comments

Post a Comment

Popular posts from this blog

විෂයානුකූල සන්නිවේදනය යනු ක්‍රමක්ද ? ( පළමුවන පාඩම ) - හැදින්වීම අංක 01